(නිමන්ති රණසිංහ)
සතොස ආයතනයේ සිදුවූ වංචා සිද්ධියට අදාළ ලේඛන හා ඉඩම් ඔප්පු තොගයක් සම්බන්ධ සිද්ධියේ අදාළ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදට අයත් එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා වෙත දැනුම් දුන්නේය.
ඒ අනුව ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන එම්.එම්.අයිෂා යන අයගෙන් ඉදිරි සතිය තුළ මෙම සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්.තිලකරත්න මහතා වෙත ලද බුද්ධි තොරතුරකට අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව මෙම වැටලීම සිදුකර බව සඳහන් කළේය.
එම ඉඩමේ සිටි සැකකාර මොහොමඩ් ඉම්රාන් ද නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

