‘ෂී යෑන් 06’ චීන නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර


(යොහාන් භාසුර)

චීන නෞකාවක් වන ‘ෂී යෑන් 06’ පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී ඇති බවත් එම අදාල නෞකාව සහ නාරා ආයතනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිත බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය, නාරා ආයතනය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අවසර ඉල්ලා තිබූ බවත් එම ඉල්ලීම් පිළිබඳව අවදානකය යොමු කර අදාළ නෞකාවට අවසර දුන් බවත් එම අමාත්‍යංශය කියයි.

මෙම නෞකාව ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ද වාර්තා වේ.