(එෆ්.අස්ලම්)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවත් ඒ පිළිබද මීළඟ මැතිවරණයෙන් පසු සාකච්ඡා කර තීරණය කිරීම සුදුසු බවත් දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
වත්මන් තත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතුය යන්න දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය බවද අමාත්‍යවරයා පැවසීය.
විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ උත්සහාය පිළිබඳ දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් මහතා මේ බව කියා සිටියේය.
විධායක ජනාධිපතිධූර ක්‍රමය අහෝසි කිරීමට අදාල කෙටුම්පතක් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඊට තුනෙන් දෙකක බහුතර කැමැත්තක් කිසිවිටක නොලැබෙන බවද හෙතෙම කියා සිටියේය.

