(ඩයනා උදයංගනී)
වැරදිකරුවා දුටු තැන ඔහුට දඬුවම් කිරීම කළා නම් යළිත් රට තුළ විනාශකාරී අන්තවාදී ත්‍රස්තවාදයක් ඇතිවන්නේ නැතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මෙවැනි දේවලදී දේශපාලන වාසි ගැනීම සුදුසු නැති නමුත් මෙම වරදකරුවන් ආරක්‍ෂා කරන්නට ඇත්තේ යම් දේශපාලන උවමනාවක් නිසාදැයි සිතෙන බවද විපක්‍ෂනායකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පවතින යථාර්ථයට මුහුණ දී රට තුළ සංහිඳියාව හා එකිනෙකා අතර සම්බන්ධතාව තහවුරු කරගැනීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන්ට සහය දෙන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (26) පැවති ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් කැදවූ විශේෂ සර්වආගමික හා සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.
දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනු නා හිමි, වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනු නා හිමි, කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නා හිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ආචාර්ය ඔස්වර්ල්ඩ් ගෝමිස් විශ්‍රාමික අගරදගුරුතුමන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්, සාමි ගුණාතේනන්දා සරස්වතීතුමන්, හින්දු ආගමික පදනමේ සභාපති බාබු ශර්මා කුරුක්කල්තුමන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අල්ෂෙයින් එම්.අයි.එම් රිෆ්කි මුෆ්තිතුමන්, ෆාසිල් ෆාරුක් මවුලවිතුමන් ඇතුළු සර්ව ආගමික පූජකවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඒ.එච්.එම් හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, සුසිල් ප්‍රේමරජයන්ත, ගාමිණි ලොකුගේ, එම්.ඒ සුමන්දිරන්, අනුර කුමාර දිසානායක, විජිත හේරත් යන මහත්ම මහත්මීන්, ආරක්‍ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

