‘වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී’ සාප්පුවක් වරාය නගරයටත්


(යොහාන් භාසුර)

සිංගප්පූරුවේ සුප්‍රකට ‘වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී’ සමූහය කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීමට ගිවිසුමට අත්සන් තැබූහ.

‘වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී’ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කෙයිරා ෂෑන් මහත්මිය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා එම ගිවිසුමට අත්සන් කළහ.  

එම ගිවිසුමට අනුව ‘වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී’ සමූහය කොළඹ වරාය නගරයේ වර්ග මීටර 1,250 ක තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිරිකිරීම නියමිතය.