‘ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන්නේ නැහැ‘


(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් මිල වැඩි කළ ද ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ලිට්‍රෝ සමාගම රජයට අයත් සමාගමක් මෙන්ම වෙළෙඳපොල ඉල්ලුමෙන් සියයට 85 ක් සපයන බැවින් එහි මිල ඉහළ නොදමන බව කී රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා ලාෆ් සමාගම මිල වැඩි නොකිරීම හේතුවෙන් නිෂ්පාදනය අත්හිටුවීම නිසා මිල ඉහළ දැමීමට සිදුවූ බවත්ය.

ලාෆ් සමාගම ඉල්ලීම කළ මුදලට වඩා අඩු ප්‍රමාණයකින් වැඩිවීම ලබාදුන් බවත් අමාත්‍යවරයා කීය.