‘ලංකාවේ ආණ්ඩුව තියෙන ආහාර ටිකත් නැති කරගන්න හදනවා‘


(අංජුල මහික වීරරත්න)

ජනගහනයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි ලෝක ආහාර සංවිධානය සැලසුම් සැළසුම් හදන විට ලංකාවේ ආණ්ඩුව තිබෙන ආහාර ටිකත් නැතිකර ගැනීමට සැලසුම් හදන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුවේ නොහැකියාව හමුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා ජනතාවට අවබෝධ වී තිබෙන බව කී අබේවර්ධන මහතා වසර දෙකක් ඇතුළත එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බවද සඳහන් කළේය.

වැඩිවෙන ජනගහනයට උවමනා කරන ආහාර හා ආදායම් මාර්ග සොයාගන්නේ කෙසේද කියා සැලසුම් කළ යුතු නමුත් අවාසනාවකට මෙන් ආණ්ඩුවට මේ තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන බවද අබෙිවර්ධන මහතා කීය.