‘රට බංකොලොත් යැයි ප්‍රකාශ කළ අය හෙළි කරන්න’


(අංජුල මහික වීරරත්න)

ලංකාව  බංකොලොත් බවට ප්‍රකාශයට පත් කළේ කාගේ අවසරයකින් දැයි වහාම හෙලිදරව් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රට බංකොලොත් යැයි සලකා ක්‍රියා කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නාද?මුදල් අමාත්‍යංශය සහ මුදල් ඇමතිවරයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නාද?පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දුන්නාද?යන කාරණා අධ්‍යයනය කර රටට කරුණු කීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම වගකීම බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා කීවෙි

ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඉතා කණගාටුදායක තත්වයකට පත්ව තිබෙන අතර රට එම තත්ත්වයට පත්වුණේ ණය නොගෙවා හැරීම නිසා බවයි.