‘මිල්කෝ සමාගම විකුණන්නට ඉඩ දෙන්නේ නැහැ’


(මනෝජ් හර්ෂික)
 
මිල්කෝ සමාගම විකුණා දැමීමට රජය හෝ තමන් කිසි ලෙසකත් ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අද (08) පැවැසීය.
 
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මිල්කෝ සමාගමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
 
“මිල්කෝ සමාගම විකිණීමේ අදහසකින් පසුවන්නේ බහුජාතික සමාගම්වලට කඩේ යන වෘත්තීය සමිති යැයි කියාගන්නා පිරිසක්. නමුත් මෙම සමාගම විකිණීමට අපි කිසිසේත්  ම ඉඩතියන්නේ නැහැ.
 
මිලියන 9ක් ඉක්මවා ආදායමක් පවතින සමාගමක් ඇයි විකුණන්නේ?” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් විමසීය.