වසර 6 කට පෙර තම රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ ‘ මියන් කුමාර නැමැති හස්තියාට කෘෘර ලෙස සැළකීම නවත්වන්නැයි ඉල්ලා මියන්මාරය නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මියන්මාර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් මියන්මාර ටයිම්ස් පුවත්පත අද (30) වාර්තා කළේය.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට 2013 වසරේ දී මියන්මාරය විසින් පරිත්‍යාග කළ මියන් කුමාර හස්තියාට එරෙහිව සිදුකර ඇති කෘරත්වය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් හා සිදුව ඇතැයි කියන එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි මියන්මාර ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
මීට දින කිහිපයකට පෙර මියන් කුමාර හස්තියා රැක බලා ගනනා ඇත් ගොව්වා විසින් එම හස්තියාට කෘෘර ලෙස සළකන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ශ්‍රී ලංකාව සහ මියන්මාරය යන සමාජ මාධ්‍යවල පළ වූ අතර එය ජනතාවගේ දැඩි අවධානයට ලක් විය.
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා අද (30) එම හස්තියා බැලීමට බෙල්ලන්විල රජමහ විහාරස්ථානයට යෑමට නියමිත බව එහි වැඩිදුරටත් දැක්වේ.
පන්සල් කටයුතු පිළිබඳ වගකීම බාර ගන්නා එක් භික්ෂුන් වහන්සේ නමක් එකී සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කළ බවද මියන්මාර විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මියන් කුමාර හස්තියා ඇත්ගොව්වන් විසින් පුහුණු කර ඇති අතර ආගමික උත්සව සඳහා යොදවා ගනු ලැබේ.
2018 පෙබරවාරියේ දී 77 හැවිරිදි බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් පන්සලේ දී මියන් කුමාර හස්තියාගේ පහරකට ගොදුරු වීමෙන් දින කිහිපයකට පසු අපවත් වූහ.
කෙසේ වෙතත් මියන්කුමාර හස්තියා සම්බන්ධව පසුගිය දිනවල හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම මියන්මාර ජනතාවගේ ද අවධානය යොමුව තිබේ.
අලි ඇතුන් ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්ෂා කර ඇති පූජනීය සතුන් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 1900 දී සිදු කළ ඇස්තමේන්තුගත කිරීම අනුව 12,000 ක් වුවද එය මේ වන විට සිට 7000 දක්වා අඩු වී ඇත.
(125)

