‘මැතිසබේ කෑම අපිට එපා’


(සුජිත් හේවාජුලිගේ)

වැඩි කෙරැණු  මාසික කෑම බිල  තමන්ට දරා ගත නොහැකි හෙයින්  පාර්ලිමේන්තුවෙන් මින් ඉදිරියට  කෑම නොගැනීමට  තීරණය කර ඇතැයි  සේවකයන්  පිරිසක් එහි ප්‍රධානීන්ට  ලිඛිතව දැනුම් දී ඇත.

එසේ හෙයින් ආහාර සඳහා වැටුපෙන් මුදල් කැපීම නතර කරන්නැයි ඉල්ලා සිටින ඔවුහු  නිවසින් කෑම ගෙනැවිත් අනුභව කිරීමට  පහසුකම් සලසා දෙන්නැයිද   අායාචනා  කරති.

කෑම නිවසින් ගෙන ඒමට අපහසු වන දිනවලදී පොලිස් නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට දෙන මිලට කෑම දෙන ලෙසටද ඔවුහු ඉල්ලා සිටිති.

සේවකයන්  මෙම ඉල්ලීම අැතුළත්   ලිපිය යොමු කර අැත්තේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) අාහාර පාන ගිණුම් වෙතය.  

පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයන්ගේ  මාසික කෑම බිල රුපියල් 1000 සිට 2500 දක්වාද විධායක නිලධාරීන්ගේ කෑම බිල 1500 සිට රුපියල 4000ක් දක්වා ද වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා තීරණය කළේය.