‘මාලිමාව’ට සහය දැක්වූ ගාල්ල මන්ත්‍රීට‘ පොහොට්ටුව’ තහනම්


(යොහාන් භාසුර)

ගාල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා එම සභාවේ නගරාධිපතිවයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්කිරීම සඳහා අද (20) පැවැති ඡන්ද විමසීමේදී එම පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාතාමක වන පරිදි අත්හිටුවූ බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

එම මන්ත්‍රීවරයා ඡන්ද විමසීමේදී පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් නියෝජ්‍ය නගරාධිපති තරගයට ද ඉදිරිපත්ව ඇති බවත් ඔහු පක්‍ෂයේ සියලුම තනතුරුවලින් ඉවත්කකළ බවත් ලේකම්වරයා කීය.

අදාල චෝදනාව සම්බන්ධයෙන් නිසි චෝදනා පත්‍රයක් ඉදිරියේදී යොමුකරන බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.