‘මානව සෞඛ්‍ය සුරකින්න නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි‘


(සුජිත් හේවාජුලිගේ )

මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොවපුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ඉතාලියේ රෝමය නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වැනි  සමුළුවේ පරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි .

ජෛව විවිධත්වය විනාශවීම  වැළැක්වීමට සහ වඩා තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ජනතාවට සහයක් විය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය