(ආරියරත්න රණබාහු)
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව , විපක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධාන විරෝධය පළ කළත් ඔවුන් එය මර්දනය කිරීම සඳහා දුන් සහය කුමක් දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (01) ප්‍රශ්න කළේය.
යුරෝපා සංගමයද ජී.එස්.පී සහනය නවතා දමන බවට තර්ජනය කර ඇති බව කී ජනාධිපතිවරයා ස්වාධීන රාජ්‍යයකට උදව් කිරීම පිළිගත හැකි වුවත් තර්ජනය කිරීම පිළිගත නොහැකි යැයිද කීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (1) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන යටතේ බස්නාහිර පළාත් සමුළුව අමතමිනි.

