(අංජුල මහික වීරරත්න)
බුර්කාව භාවිතය නතරකිරීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායිතුල් උලමා සභාව යෝජනාවක් සම්මත කරගෙන ඇති බැවින් ඔවුන් සමඟ ද සාකච්ඡා කර බුර්කාව තහනම් කිරීම සඳහා නීති කෙටුම්පත් සකසන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට දැනුම් දී තිබේ.
ඉස්ලාම් භක්තික කාන්තාවන් භාවිත කරන බුර්කාව තහනම් කළ යුතු යැයි ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

