‘බලධාරීන් දේශීය ඖෂධ නිෂ්පාදන අධෛර්ය කරලා‘


(යොහාන් භාසුර)

දේශීයව ‘කොලෙස්ටරෝල්’ පාලන පෙත්ත නිපදවා මසකට ඩොලර් 240000 ක් ඉතිරි කරගැනීමේ හැකියාව තිබියදී එය අධෛර්ය කර ඉන්දීයාවෙන් වැඩි මිලකට ඖෂධ ගැනීම පිළිබඳව සෞඛ්‍ය යාන්ත්‍රණ හසුරුවන ආයතන, ඒවායේ ප්‍රධානීන් සහ එම පත්වීම් ලබාදුන් දේශපාලකයන් සෘජුවම වගකිව යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.  

අගමැති ධූර, ජනපති ධූර සහ සෞඛ්‍ය අමාත්‍ය ධූර වෙනස් වූවාට, ක්‍රමය වෙනස් වී නොමැති යැයි තේරුම් ගැනීම සදහා ද මෙය ඉතා හොද නිදසුනක් බවත් මෙවන් තීරණ පිළිබදව මීට වඩා සැලකිල්ල වර්තමාන අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව අවදානය යොමු කළ යුතු බවත් රවී කුමුදේෂ් මහතා සඳහන් කරයි.