‘පොහොට්ටුවේ අපේක්ෂකයා චමල් විය යුතු බවට ස්ථාවරයේ වෙනසක් නෑ’


(ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතා විය යුතු බවට සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අලුතින් පත්වන ජනාධිපතිවරයාගේ විධායක බලතල යම්දුරකට අහිමිවී අග්‍රාමාත්‍යවරයාට වැඩි බලයක් හිමිවන බවද මන්ත්‍රීවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනඥයකු වීමට සුදානම් නම්, ඔහු වටා ජනබලවේගයක් ගොඩ නැගිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා රටේම නායකයා වීමට වුවත් සුදානම් බවට කර ඇත්තේ පදනම් විරහිත ප්‍රකාශයක් බවද එවැනි අය  රජකාලෙත් බොරුවට පෙනී සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.