(ඉන්දිකා රාමනායක)
කුරිරු ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ දීත් අවතැන් වූ ජනතාවට පවා හැකි උපරිමයෙන් මානුෂියව සැලකූ බවත් නිරෝධායනයට යොමුකළ පිරිසට ප්ලාස්ටික් බෝතල් කපා ආහාර පාන ලබා දෙන ක‍්‍රමවේදයක් හමුදාව තුළ නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
නිරෝධානය සඳහා යොමු කර සිටි පුද්ගලයන්ට ප්ලාසිටික් බෝතලයක් කපා කිරි කෝපි ලබා දුන් බවට සමාජ ශාලා වෙඩ් අඩවියක පළ කර තිබු ඡායාරූපයක් සම්බන්ධයෙන් ලංකාදීපය යුද හමුදාපතිවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
ති‍්‍රවිධ හමුදාව එදා මානුෂීය මෙහෙයුමක් සිදු කර ත‍්‍රස්තවාදයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගත් බවත් අද දවසේ කොරෝනා වෛරසය සමඟ සිදු කරනු ලබන නිරෝධායන කටයුතු සඳහා දායකත්වය ලබා දී සිදු කරන්නේ ද එවැනිම මානුෂිය මෙහෙයුමකට බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.
විදේශ රටවල සිටිය සිටිය නොහැකි තත්ත්වයක් මත ඉතා දීර්ඝ ගමනාන්තයකින් අනතුරුව ලංකාවට පැමිණෙන පිරිසට මුහුණ දීමට සිදුවන අපහසුතාවය හේතුවෙන් ඔවුන්ට යම් ආකාරයේ වෙනස් හැඟීමක් ඇති වෙන්නට ඇති බවත් ඔවුන් කෙසේ හැසිරුණත් යුද හමුදාව ඔවුන් රැක බලා ගැනීමට නොමඳව කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
මේ දිනවල ලංකාවට පැමිණෙන ශ්රවමිකයින්ට වඩා මීට පෙර චීනයේ වුහාන්වල සිට පැමිණි සිසුන් වෙනස් ආකාරයෙන් හැසිරුණ බවත් චීනයේ සිට එම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට සිදුකළ මහා දැවැන්ත කර්තවය පිළිබඳ එම පිරිසට යම් අවබෝධයක් තිබු බවද හමුදාපතිවරයා කියා සිටියේය.
මානුෂීය මෙහෙයුම කළ ආකාරයටම මෙම මෙහෙයුමේදීත් යුද හමුදාව ක්‍රියා කරන බව පැවසු හමුදාපතිවරයා සමාජයේ විවිධ පුද්ගලයින් මෙම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වන සඳහන් කළේය.
යුද හමුදාව බොහෝ දෙනා තමන්ගේ ඇඳ ලබා දී බිම නිදා ගෙන ඇඳවල් 2000ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත්, එවන් කැපවීම් කළ හමුදාවට එවැනි දේ පැවසීම සුදුසු නැතැයි ද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

