‘දෙනුවර මැණිකේ’ 2 දා සිට දිනපතා


(මහින්ද නිශ්ශංක)
 

පෙබරවාරි 2 වැනි දින සිට දෙනුවර මැණිකේ දුම්රිය කොළඹ කොටුව- බදුල්ල අතර දිනපතා ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
 
දැනට දවසක් හැර දවසක් ලෙස මෙම දුම්රිය කොටුව- බදුල්ල අතර ධාවනය කෙරේ.

මගීන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබීම නිසා දුම්රිය දිනපතා ධාවනය කිරීමට පියවරක් ගත් බවද ඒ මහතා කීය.
 
චීනයෙන් ආනයනය කළ එස් 14 වර්ගයේ බලවේග දුම්රිය 2ක් මේ සඳහා යොදවා තිබේ.