( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු පහට අඩු ළමුන් 5,808 දෙනකු පීඩාවට පත්ව සිටි බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය.
ඒ අතර උපතින් මසකට අඩු බිළිදුන් අසූ දෙනෙකු සිටි බව ඇය කීවාය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය මේ බව පැවසූවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.
එහිදී ඇය තවදුරටත් අදහස් පල කරමින් මෙසේද කීවාය. පසුගියදා ඇතිවුණු දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල
කාර්යාල දහනමයක් අතරින් කාර්යාල 6 හානියට ලක් උනා. ඒ තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් 22 තියෙනවා.ඉන් වැඩිම හානියක් වුනේ කොළොන්නාවට සහ කඩුවෙල කොට්ඨාස දෙකටයි.
ඒ නිසා ආපදාව ඇති වූ මොහොතේ පටන් අපි දැඩි අවධානයක් යමු කළේ කුඩා ළමුන්ගේ හා ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමටයි .
ඒ අනුව උපතින් මසකට අඩු බිළිදුන් 80 , දින 29 සිට අවුරුද්ද දක්වා වූ බිළිදුන් 1030 , අවුරුද්දයි අවුරුදු පහයි අතර ළමුන් 4698 ඇතුලු ලමුන් 5808 දෙනෙකුග සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් ගත්තා. ඔවුන් ජීවත් වන නිවෙන් හානි වෙලා.ඔවුන් හිටොයෙ සුරක්ෂා මධ්‍යස්ථානවල. ඒ නිසා හැම නිතරම යම් හදිසි අවශ්‍යතාවයක් වුවහොත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පහසුකම් සහිත ස්ථානවල තමයි අපි මේ ළමුන් රඳවා තැබුවේ.

