(ඉන්දිකා රාමනායක)
කඳාන පොලිස් ස්ථානය අසල තිබී සැකකටයුතු පාර්සලයක් අද (27) පෙරවරුවේ නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ එම ස්ථානයට පැමිණ එම පාර්සලය පරීක්ෂා කිරීමේ දී එම පාර්සලයේ එළවලු තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
ජාතික ආරක්ෂාව මේ ආකාරයේ ක්‍රියාතුළින් විහිලුවට ලක් නොකරන ලෙසට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.
මේ අස්ථාවේ මේ ආකාරයේ විහිලු සිදු නොකර ජනතාවක් වශයෙන් සියලු දෙනා එක්ව ආරක්ෂක අංශ වෙත සහය ලබා දී සියලු ජනතාවගේ වගකීම එය බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

