‘ජයසාගර‘නෞකාව නිල වශයෙන් වෙරළ ආරක්ෂක බලකායට


(ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර ජයසාගර :p 601   නෞකාව    නාවික හමුදාව විසින් නිළ වශයෙන් වෙරළ ආරක්ෂක බලකාය වෙත බාර දුන්නේය.

 ජයසාගර නෞකාව 2021 සැප්තැම්බර් මස 30 වන දින නාවික හමුදා සේවයට සමුදුන්   අතර   ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන්  පෙරේදා (3)  වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි

නාවික හමුදා සේවයට සමුදුන්  ජයසාගර නෞකාව දකුණු නාවික විධානයේදී වාර්ෂික දිය යට නඩත්තු කටයුතු සහ අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් පසු දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත නිල වශයෙන් භාරදීම  සිදුවිය.

 මෙම නෞකාව  ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ක්‍ඨ 61 නමින් නම් කර ඇති මෙම නෞකාව ඉදිරියේදී වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතව ඇත'