(රංජිත් රාජපක්ෂ)
සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණයට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටියත්, ඔහු ජයග්‍රහණය කරා රැගෙන යාමට කිසිදු පියවරක් නොගත් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අද(15) පැවසීය.
චමීර පෙරේරා මහතා ඒ බව පැවසුවේ ජාතික මහජන සභාව හැටන් නගරයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.
එළඹෙන මහ මැතිවරණයේදී මන්ත්‍රීධුර 113 දිනාගැනීම කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මහ මැතිවරණයේදී නායකත්වය ලබා ගැනීමේ අරමුණක් ඒ මහතාට ඇති බැවින් යැයිද චමීර පෙරේරා මහතා කියාසිටියේය.
මේ රටේ ලක්ෂ 55ක ජනතාව සජිත් ප්‍රේමදාස මහතාව ඉල්ලන බවත්, මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ නාකත්වය ලබා දිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් චමීර මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන්නේ දින 35 කට පෙර බවත්, මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පරාජය දැන ගතහොත් මහ මැතිවරණයේ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් චමීර පෙරේරා මහතා එහිදී පැවසීය.



