‘ඡන්දය දාන්න පිළිගත් අනන්‍යතා පත්‍රයක් තිබිය යුතුයි‘


(රංජන් කස්තුරි)
 
ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිසම පිළිගත් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය යැයි මැතිවරණ  කොමිසම සඳහන් කරයි.
 
ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ හැඳුනුම්පත, වලංගු ගමන් බලපත, වලංගු රියදුරු බලපත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ  පූජ්‍ය , පූජක හැඳුනුම්පත  සහ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ විශේෂ හැඳුනුම්පත ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු වන බව එම කොමිසම පවසයි.
 
මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරන විශේෂ හැදුනුම්පත ලබාගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය ඔක්තෝබර්  මස 01 වැනිදාය.