(රංජන් කස්තුරි)
චීනයේ සිට ඉකුත් දිනවල මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් නිවෙස්වලට යෑමට නොදී විශේෂිත ස්ථානයක රඳවා තබාගැනීමේ අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්(මහජන සෞඛ්‍ය) වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
වෙනත් රටවල එවැනි ක්‍රමවේද අනුගමනය කළද ශ්‍රී ලංකාවට එවැනි අවශ්‍යතාවක් නැතැයිද සෞඛ්‍ය අමාත්‍යංශය එම සිසුන් පිළිබඳව නිරන්තර අවධානයකින් පසුවන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය කීවාය.
“අපි නිකම්ම ඒ සිසුන් යවන්නේ නැහැ. එම සිසුන්ට පවුලේ අනෙක් සාමාජිකයන්ගෙන් තරමක් ඈත්ව ගතකරන්න පුළුවන්. සුළු හෝ රෝග ලක්ෂණ මතුවුණොත් වහාම ඔවුන් රෝහල්ගත කරනවා” යැයිද පළිහවඩන මහත්මිය කීවාය.
එම සිසුන් නිවෙස්වල විසීම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට බලපෑමක් නොවේද යන්න ගැන කළ විමසීමේදී වෛද්‍යවරිය අදහස් දක්වමින් කියාසිටියේ, ජනතාව දැනුම්වත් බවත්, මේ දක්වා කිසි ප්‍රශ්නයක් මතු වී නොමැති බවත්, ඉදිරියටත් එසේ නොවනු ඇති බවත්ය.

