
(යොහාන් භාසුර)
කොළඹ වාර්ෂික පෙරහැර මංගල්‍ය වන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරට එම විහාරස්ථානයේ ස්ථිර පදිංචිකරුවෙක් වන ‘ගංගා’ හස්තායා ප්‍රබෝදමත්ව මේ දිනවල සූදානම් වෙයි.
‘ගංගා’ අද (22) සුපුරුදු පරිදි විහාරමාහාදේවී උද්‍යානයේ පොකුණෙන් ස්නානය කර මහජන පුස්තකාලය අසළ ‘සුදු ඉර’ මතින් මනුසතාට ආදර්ශයක් ගෙන දෙන ආකාරයට නිවැරදිව මාරවී ‘අජිත් අයියා’ගේ ලොරියෙන් බනිස් කීපයක් ද සප්පායම් වී විහාරස්ථානය වෙත සීරුවට පියමන් කිරීම බොහෝ දෙනා පාරේ එක තැන සිටුවූහ.
විහාරමාහාදේවී උද්‍යානය සහ ගංගාරාම විහාරස්ථාන අතර ඇති මීටර 500 කට ආසන්න දුර ගෙවා යන අතරදී මඟ දෙපස නවා ඇති වාහන සහ පාරේ ගමන් ගන්නා ජනතාවට හානියක් නොවීමට ‘ගංගා’ වගබලාගැනීමට සිත්ඇඳගන්නා සුළුය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


