
(යොහාන් භාසුර)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරට සහභාගි වන අලි සහ ඇත්තුන්ට ආශීර්වාද කිරීමේ චාරිත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්ඳේ අස්සජී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි.
එහිදී භික්‍ෂූන්වහන්සේ අලි සහ ඇත්තුට පිරිත් පැන් ඉස ආශිර්වාද කළහ.
අලි සහ ඇතුන් ඉන් පසුව විහාරමාහාදේවී උද්‍යානයේ පොකුණෙන් ස්නානය කර පිරිසිදු වූහ.
‘කොළඹ නවම් පෙරහැර’ අද සහ හෙට (23 සහ 24) වීථි සංචාරය කරයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






