( ටී.කේ.ජී.කපිල )
රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා " කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අද (24 ) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ " කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 388 ක් පාර්සල් 05 ක් ලෙස සකස් කර , සඟවා ගෙන , පැමිණ සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .