(සුජිත් හේවාජුලිගේ )
ජනතාවට එන්නත් සැපයීමේ රජයේ යාන්ත්‍රණය දුර්වල යැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විශේෂඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය .
මෙම යාන්ත්‍රණය මීට වඩා ශක්තිමත් විය යුතු බව කී මහාචාර්යවරයා එන්නත්කරණයේදී ජනතාව රස්තියාදු කරනවාට වඩා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හරහා පාරෙන් පාර ජනතාව කැඳවා එන්නත ලබාදෙන්නේ නම් එලෙස රස්තියාදු වීම වැළැකෙන බවද සඳහන් කළේය .
වයස 60ට වැඩි විශාල පිරිසක් එන්නත් ලබා ගැනීමට පෝලිම්වල රස්තියාදු වන ආකාරයක් අද පෙනෙන්නට තිබෙන බවද ඔහු කීවේය .
ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට හොඳ නිවාරණ අංශයක් පවතින හෙයින් එන්නත්කරණය සඳහා එහි සේවාව උපරිමයෙන් ලබා ගත හැකි බවද එලෙස ලබා ගන්නා ආකාරයක් තවමත් පෙනෙන්නට නැති බවද තිස්ස විතාරණ මහතා පැවැසීය .
වයස 60ට වැඩි අයට සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන අයට එන්නත්කරණයේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පැවසූ ඒ මහතා එවැනි තත්ත්වයක්ද දක්නට නැතැයි ප්‍රකාශ කළේය .

