‘ඉතිරි වී තිබෙන සංචිත සොච්චමෙන් තෙල් නැවක් වත් ගන්න බෑ‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වර්තමානයේ රටේ ඉතිරි වී තිබෙන විදේශ සංචිත ටිකෙන් තෙල් නැවක් වත් මිලදී ගන්නට හැකියාවක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

මේ වන විට තිබෙන ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 50 ක් බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළ බව කී හර්ෂ ද සිල්වා මහතා මේ අනුව රට බංකොලොත් භාවයෙනුත් පහළට ඇද වැටී තිබෙන බවද සඳහන් කළේය.

ආහාර උද්ධමනය සියයට 40ක් දක්වා ඉහල ගොස් ඇති  බවට ආණ්ඩුවේ නිල වාර්තාවල දැක්වෙන බව කී හර්ෂ ද සිල්වා මහතා දැන්  1990 සුව සුවසැරිය දුවන්නත් සල්ලි නැතැයි ද ඊට මුදල් ටිකක් දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

තවදුරටත් දත්ත හැංඟීම අප අපටම වංචා කර ගැනීමක් වන හෙයින් එසේ නොකරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.

මෙි වන විට ඩොලරය  සියයට සියයකින්  අවප්‍රමාණය වී ඇති අතර මෙවැනි දේ වෙන්නේ මොන ලෝකෙදැයි ප්‍රශ්න කළ හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුව ගත් මේ ඔලමොට්ටල තීරණ  වලට වග කියන්නේ කවුදැයි විමසීය.