
(ගයාන් සූරියආරච්චි)
දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන සැකකරුවෝ තිදෙනෙක් ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී බොරැල්ල පොලිස් වසමේ ගොරකගහ පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල, රාජගිරිය සහ කොළඹ 8 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26, 27 සහ 34 වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනකු බව විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 11 සහ මිලිග්‍රෑම් 60 ක්, ඩිජිටල් තරාදි 2 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 201,500.00 ක මුදලක් සොයාගෙන තිබේ.
ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පළමු සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී රාජගිරිය සහ කොළඹ 8 ප්‍රදේශවල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා බොරැල්ල පොලිසිය බාරදී ඇත.

