‘අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය’


(යොහාන් භාසුර)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය අඹුක්වැල්ල මහතා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (9) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

‘අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය’, ‘ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි’ සහ ‘වැට් ගෙවන්නේ හොරුන්ගේ සාක්කුවෙන්ද?’ ආදි පාඨ සටහන් කළ පුවරු ද රැගෙන එම පිරිස විරෝධතාවයේ නිතර වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)