(පාලිත ආරියවංශ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකගනිමින් පොහොට්ටුව සමඟ එකතු වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (26) පැවසීය.
මහ ඇමැතිවරයා බදුල්ලේ පැවැති බණ්ඩාරනායක ගුණ සමරු උත්සවයකදී මේ බව කීය.
‘අපි එකතු වෙන්න ඕන වෙලාවට එකතුවෙනවා. හැබැයි එකතුවෙන්නේ පස්සේ දොරෙන් ගිහිල්ලා නෙවෙයි. අපි දැන් ගිවිසුම් හදනවා. අපි ලස්සනට එකතු වෙනවා. මාධ්‍ය සාකච්ඡාවකදී ඩිලාන් සහ එස් බී දිසානායක කිව්වා අපිට ඉතුරුවෙලා තියෙන්නේ ලක්ෂ 3යි කියලා. ඒ තුනත් නැතිවෙන්න කලින් අපිට පොහොට්ටුවට එන්නලු කියන වෙලාවට යන්න අපි සූදානම් නැහැ. ’
‘අපි යන්නේ ගිවිසුම් හදාගෙන අපේ ගෞරව හදාගෙන. අපේ ප්‍රාදේශීය සභා සභාපතිවරු නගර සභා මන්ත්‍රීවරු ඒගොල්ලන්ගෙත් ගෞරවය ආරක්ෂා වන විදියට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ගෞරව ආරක්ෂා වන විදියට අපි යන්නේ’ යැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

