(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා පිහිටුවීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අහෝසි කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹදී අද(2) පැවසීය.
13 වන සශෝධනය අහෝසි කරනවා වෙනුවට ජනතාවගෙන් ලැබුනු තුනෙන් දෙකේ බලය යොදාගනිම්න් එය තවදුරටත් ශක්තිමත් කර රටේ දේශපාලන ගැටලුවලට විසදුමක් ලබාදීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
පලාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන්නේනම් ඒ වෙනුවට ආණ්ඩුවේ විකල්පය රටටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන ලෙසද සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුවට ලැබුනු තුනෙන් දෙකේ බලය පමනක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සදහා අවශ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවත් මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.