‘ කොවිඩ් මඬින්න මේ වන විට කෝටි 25,900 ක් වැය කරලා‘


(අජන්ත කුමාර අගලකඩ)

කොවිඩ් මර්දන  කටයුතු සඳහා රජය මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 25,900ක  පමණ මුදලක් වැය කර ඇතැයි රජයේ වාර්තා පෙන්වා දෙයි .

මෙම මුදල වැයකර ඇත්තේ අඩු ආදායම්ලාභි පවුල්වලට දෙන ලද රුපියල් පන්දහසේ දීමනාව වෙනුවෙන් වැයකළ මුදලට අමතරව බව ද එම  වාර්තා සඳහන් කරයි.

කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම,කොවිඩ් මර්දන එන්නත් ආනයනය ,එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීම හානි කටයුතු සඳහා මෙම මුදල් වැය කර ඇතැයි රජයේ වාර්තා පෙන්වා දෙයි .