(නිමල කොඩිතුවක්කු)
තම ගජමිතුරන්ට තවත් ආර්ථික ශක්තියක් බවට පත්කර ඇති කාබනික පොහොර පිළිබදව වූ වැඩපිළිවෙළ වහාම නතර කොට රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදයට පිළියම් සපයන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
වියත් මඟකට රට ගෙන යනවායැයි බලය ලබා ගත් පාලකයින් රටේ ආර්ථිකය බරපතල අනතුරකට හෙලනු ලබන මෙම තීරණයෙන් ජනතාවට බත් පතත් අහිමි වනු ඇති බවත් මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"ආණ්ඩුවේ අතාර්කික සහ ප්‍රායෝගික නොවන තීරණ හමුවේ රට දිනෙන් දිනම අගාධයකට ගමන් කරමින් සිටී. වියත් මඟකට රට ගෙන යනවායැයි බලය ලබා ගත් පාලකයින් ගන්නා තීරණ තුළ දක්නට ඇත්තේ හුදු සටන් පාඨ පමනක්ම බව පවසයි..

