
(විජේරත්න රත්නායක සහ ඩී.කේ.රත්න )
වැලිමඩ ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයට අද (05) උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයන් පිරිසකට බඹර ඇනීමෙන් එක් අයෙක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඡන්දය භාවිතා කර ආපසු යමින් සිටියදී මෙම බඹර ඇනීමට ලක්වී ඇත.
බෝගහකුඹුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

