ෆේස්බුක් සාදයක් පැවැත්වූ 11ක් අත්අඩංගුවට


(ඩී.කේ.රත්න)
 
බුත්තල, ගෝනගංආර ගලපිටගල ප‍්‍රදේශයේ හෝටලක ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයින් 11දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ඔක්කම්පිටිය පොලීසිය කියයි.
 
අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ගංජා සහ කේරළ ගංජා ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වයස අවුරුදු 28ත් - 33ත් අතර වයසේ පසුවන්නන් බවද පොලීසිය කියයි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයින් බුත්තල පොලීසියට බාරදී තිබේ.
 
බුත්තල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.