
(ඉන්දිකා රාමනායක)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඇය සම්බන්ධයෙන් ඊයේ (09) සිදුකළ පී සී ආර් පරීක්ෂණයේ දී මේ බව තහවුරු වූ බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසීය.
පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම සේවිකාව බොරැල්ලේ තාවකාලිකව නවාතැන් පොලක නවාතැන් ගෙන සේවය කරන්නියක් බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොරෝනා ආසාධිත සේවිකාව මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

