(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යවල අවශ්‍යතා සහිත ළමා නිවාසවලට ස.තො.ස මගින් එම ද්‍රව්‍ය සපයාදීමට පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරෝනා වයිසරය ව්‍යාප්තවීමේ බලපෑම හේතුවෙන් රට පුරා උද්ගතව ඇති තත්වය මත මෙම පියවර ගත් බව පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ළමා නිවාසවලට විවිධ පුද්ගලයන් ආධාර ලබාදීමට පෙළඹී ඇති බවද, එසේ වුවත් බාහිර පුද්ගලයන් ඒ සඳහා යොමුවීම තුළින් ළමුන් දැඩි අවධානම් සහගත තත්වයකට පත්වීමටද ඉඩ ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ වනවිට රට පුරා ළමා නිවාස 400 පමණ ළමුන් 11,500ක පමණ සිටින බවද ,විශේෂයෙන් සමාජ මාධ්‍ය මගින් වැරදි තොරතුරු පැතිර යාම සම්බන්ධයෙන්ද, ළමුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සම්බන්ධයෙන් ද අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
මේ සඳහා සම්බන්ධ කරගත යුතු පළාත් කොමසාරිස්වරුන්ගේ නම් සහ දුරකතන අංක ද පහත දැක්වෙන එම නිවේදනයේ සඳහන් කර ඇත.



