ළමා නිවාසයෙන් පැන්න දැරියන් තිදෙනා පොලිස් බාරයට


(නයනජීව බන්ඩාර)

බිබිල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනකු බස් රථයක නැගී, මොණරාගල දෙසට පලායමින් සිටියදී මැදගම නගරයේදී පොලිස් බාරයට ගෙන  බිබිල පොලිසියට බාරදුන් බව මැදගම පොලිසිය කියයි.

මෙම දරුවන්, පාසල් යන බව ළමා නිවාසයේ පාලිකාවට පවසා, පිටව ගොස්, පසුව පාසල නිමවී,  ළමා නිවාසයට නොපැමිණ,  බස් රථයක නැගී මොණරාගල දෙසට පැමිණ ඇති බව පොලිසිය කියයි.

ළමා නිවාසයේ දැරියන් තිදෙනෙකු පාසල් ගොස් නැවත නොපැමිනි බවට, එම ළමා නිවාසයේ පාලිකාව  බිබිල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, ක්‍රියාත්මක වු බිබිල පොලිසිය මේ පිලිබඳව මැදගම පොලිසියට කළ දැනුම් දීමකට පසුව මැදගම පොලියේ නිළධාරින් පිරිසක් විසින්, මෙම දැරියන් තිදෙනා බිබිල - මොණරාගල බස් රථයක නැගී, මොණරාගල දෙසට පැමිනෙමින් සිටියදී, රාත්‍රි 9.30 පමණ,පොලිස් භාරයට ගෙන, බිබිල පොලිසිය වෙත ඉදිරිපත්කර ඇත.