(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රක්වාන ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක් සහ දැරියන් දසදෙනකු වරින්වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එහි පාලිකාවගේ සැමියා රක්වාන පොලිසිය විසින් පෙරේදා 25 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ලිංගික අපයෝජනයකට ලක් වූයේ යැයි කියන මෙම තරුණිය සහ දැරියන් දසදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දැරියක් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු එම ළමා නිවාසයේ පාලිකාව ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පාසල් යවමින් ඇයට රැකවරණය ලබාදී ඇතැයි පොලිසිය කියයි.
මේ වන විට මෙම තරුණිය අවුරුදු 20 ක වයසේ පසුවන තැනැත්තියකි.
ළමා නිවසේ පාලිකාව නිවසේ නොමැති අවස්ථාවල ඇගේ සැමියා ඇය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය කියයි.
මේ සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීමේදී ළමා නිවාසයේ දැරියන් දස දෙනකුට සැකකරු ෙ වරින් වර ලිංගික අපයෝජෙවලට ලක්කර ඇති බවට තොරතුරු හෙළි විණි යැයි පොලිසිය සඳහන් කරයි.
බිරිඳ පාලිකාව වශයෙන් සේවය කරන ළමා නිවාසයට පැමිණි අවස්ථාවල මෙසේ මෙම දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පරීක්ෂවලින් හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු රක්වාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

