
(අංජුල මහික වීරරත්න)
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති රයින් තම්සාර් මහතා ඇතුළු එම අරමුදලේ විධායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති, වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩින්ම කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ අධිකරණයේ විභාග වන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

