(සුජිත් හේවාජුලිගේ)
අඩු වයස් දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවෙස් සොයා විශේෂ මෙහෙයුමක් ඇරඹූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි .
බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවය යොදවා ඇති නිවාස හමුවුවහොත් ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය .
එසේම බාලවයස්කාර දරුවන් සම්බාහන මධ්‍යස්ථානවල සේවය සඳහා යොදවා ඇති බවටද තොරතුරු ලැබී ඇති බවත් එවැනි ස්ථාන ගැනද සෙවිල්ලෙන් පසුවන බවත් හෙතෙම සඳහන් කළේය .

