හෝමූස් වහලා තියෙන්නේ ඇමෙරිකන් හිතවතුන්ට විතරයි


හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් පියවරගෙන නොමැති බවත්, ඇමෙරිකා හිතවාදී රටවල නැව්වලට පමණක් ඒ හරහා යාත්‍රා කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය හමුදාව පැහැදිලි කර ඇත.

තමන් එම තීරණය ගත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ ඊට විරෝධය පළ කිරීමට යැයි ද ඉරාන විප්ලවීය හමුදාව වැඩි දුරටත් පවසා ඇත.