
ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකාවටත් ඊශ්‍රායලයටත් විරෝධය පළ කරමින් අවහිර කළ හෝමූස් සමුද්‍ර සන්ධිය යලි විවෘත කර, ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ඉන්ධන සැපයුම සහතික කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් උත්සාහ ගනිමින් සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, අදාළ පාර්ශ්වකරුවන් සමග දිගින් දිගටම සාකච්ඡා පවත්වා අර්බුදය විසඳා ගැනීමට තමන් මැදිහත් වන බවය.
කෙසේ නමුත් පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යය කිසිදු ආකාරයකින් පුළුල් යුද්ධයකට මැදිහත් නොවන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
මේ අතර, ඉරාන විප්ලවීය හමුදාවෙන් එල්ල වන තර්ජනවලට විරා්ධය දක්වමින් බලහත්කාරයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට සහාය දක්වන ලෙසත්, එම මුහුදු කලාපයට යුද නැව් එවන ලෙසත් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ‘නේටෝ’ රටවල රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා ඇත. බ්‍රිතාන්‍යය ද ‘නේටෝ’ සංවිධානයට අයත් යුරෝපා රටකි.
බ්‍රිතාන්‍යය පමණක් නොව සෙසු ‘නේටෝ’ රටවල් ද තරයේ පවසා ඇත්තේ ඇමෙරිකාව සමග පැටලී ඉරානයට එඓහිව යුද්ධ නොකරන බවය. මේ සම්බන්ධයෙන් කෝපයට පත් ට්‍රම්ප් යුරෝපා රටවලට දොස් නගා ඇත්තේ ඒ නිසිවකුගෙන් තමන්ට (ඇමෙරිකාවට) වැඩක් නැහැ යනුවෙනි.

