හොරොව්පොතාන ප්‍රා සභාවේ ගැටුමක්:සභාපතිත් විපක්ෂ මන්ත්‍රීවරයකුත් රෝහල් ගත වෙලා


(අතුල බණ්ඩාර සහ පැතුම් දර්ශන)

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ පැවැති අවස්ථාවේ එහි විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු තමන්ට පහරදුන් බවට පැමිණිල්ලක් කරමින් එම ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජේරත්න මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි.

සභාපත්වරයා පැමිණිළි කිරීමෙන් පසු ඔහුට පහරදුන් බව කියන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් දෙදෙනකු ද සභාපතිවරයා  පහරදුන් බවට පැමිණිලි කර ඉන් එක මන්ත්‍රීවරයකු ප්‍රතිකාර සඳහා හොරොව්පොතාන රෝහලට ඇතුළත්වූ බවද පොලිසිය කියයි.

නිලන්ත හෙට්ටිආරච්චි සහ අසේල සඳරුවන් මඩපාත යන පොලිසියට පැමිණිලි කළ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රෝහල් ගතවී ඇත්තේ නිලන්ත හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාය.