
(ඉන්දිකා රාමනායක)
තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් 6 දෙනෙකු පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් මාරවිලදී අත්අඩංගුවට ගනු ලැබීය .
මෙම නීති විරෝධී ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් ඊයේ (22) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
ඔවුන් අද (23) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

