( බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ලේකම් ධූරය හෙබවූ බටපොල මේධානන්ද හිමියන් වැඩම කළ වෑන් රථයේ වීදුරුව කඩා බැංකු පොත් සහ ලිපි ලේඛන රැසක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
බටපොල මේධානන්ද හිමියන්ට අයත් වෑන් රථයෙන් මිරිහාන ගල්පොත්ත විහාරස්ථානයේ සිට ගල්කිස්ස ධර්මපාලා රාම විහාරස්ථානයට වැඩම කර ඇති අතර අනතුරුව වෑන් රථයේ රියදුරු වෑන් රථය විහාරස්ථානය පිටුපස සංඝමිත්තා පාරේ ගාල්කර තිබේ.
පැය කිහිපයකට පමණ පසු වෑන් රථයට පැමිණී අවස්ථාවේ රියැදුරු අසුන අසල ඇති වීදුරුව කඩා තිබෙනු දැක ඒ බව බටපොල මේධානන්ද හිමියන්ට දන්වා ඇත.
පසුව පරික්ෂා කිරීමේදී එහි තිබූ බැංකු පොත් හා අනකුත් ලිපි ලේඛන සොරාගෙන ගොස් ඇති බවට දැනගෙන තිබූ බව පොලිසිය කියයි.

