හොරකමේ ගිය සොහොයුරෝ තිදෙනෙක් මාට්ටු


(හේමලතා ඞී හේවගේ)

පන්නල වගුරුවෙල සහ කුලියාපිටිය දියකලමුල්ල යන ප‍්‍රදේශවලින් යතුරුපැදි 02 ක් සොරකම් කළ මත්කුඩුවලට ඇබ්බැහිවූ එකම පවුලේ සොහොයුරන් තිදෙනකු ඇතුඵ තරුණයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි.

අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් මාකඳුර ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් තිදෙනකු හා බම්මන්න පදිංචි අයකු ඇතුඵ අවුරුදු 20 ත් 28 ත් අතර වයසේ පසුවන්නන් බවද පොලීසිය පවසයි.

මෙම යතුරුපැදිය පිළිබඳව ලැබුණ තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවටගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී කුලියාපිටිය දියකලමුල්ල ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිට නතරකර තිබියදී සොරකම්කරන ලද යතුරුපැදිය පිළිබඳව තොරතුරු අනාවරනය කර ගැනීමට හැකිවූ බවද සඳහන්වේ